වැසි තත්ත්වය තවදුරටත්..
මේ වන විට දිවයින තුළ පවතින වැසි තත්ත්වය ඉදිරි කාලය තුළත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව අද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වල මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් දිවයිනේ අනෙකුත් පළාත්වල සවස 2.00 න් පමණ පසුවත් වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.