සත්‍යයේ පුවත් අඩහැරය….

නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaඅද දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. ඒ අනුව ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මන්ත්‍රී ධුරවල දිවුරුම් දීමට නියමිතව ඇත. සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඩී.බී. හේරත් මහතා පත්වීමට නියමිත අතර චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මනෝජ් සිරිසේන මහතා පත්වීමට නියමිතව ඇත. ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ඒ මහතාම යලි පත් කිරීමට සන්ධාන මහ ලේකම්වරයා විසින් පසුගියදා තීරණය කර තිබුණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට