සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ නායකත්වයෙන් සජිත්ට කොන්දේසි 10 ක්..

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමේදී සජිත් පේ‍්‍රමදාස මහතා වෙත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොන්දේසි කිහිපයක් පැනවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව එම කොන්දේසි අතරින් ප‍්‍රධාන කොන්දේසිය ලෙස විධායක ජනාධිපති ධූරය මාස 06 ක කාලයක් තුළ අනිවාර්යයෙන්ම අහෝසි කිරීමත් අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කිරීම තවත් කොන්දේසියක් ද වේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් රැඳී සිටීම මෙන්ම පක්ෂයේ සියළු බලතල ද ඔහු සතුව තිබීම තවත් කොන්දේසියක් වන බව ද වාර්තා වේ. ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ව්‍යපාරය මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකිරීම ඇතුළු තවත් කොන්දේසි 10 ක් පමණ ඉදිරිපත් කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ කොන්දේසි අනුව අවසන් තීරණයක් ගැනීම අද (25) දිනයේ දී සිදුකිරීමට නියමිතව ඇති බව ද සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට