දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි..
පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද වෘත්තිය ක්‍රියාමාර්ගය අද (28) දිනයේදීත් ක්‍රියාත්මක වේ. සිය සේවාව තුළ ඇතිවී තිබෙන වැටුප් විෂමතා ගැටළුවට විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා දුම්රිය සේවකයින් විසින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන ලද අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.