සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල

Podu Jana Peramunaවිදෙස් රටවලට ගැතිව, විජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුරෝපීය වුවමනාවන් ඉටුකරමින් රටේ ඉදිරි ගමනට බාධාවක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, රටේ මුල් පුරවැසියා බවට පත්වීමේ අපේක්ෂකත්වය නොලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පළකරන ලදී.

තවදුරටත් සිය අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා පහත පරිදි කරුණු අනාවරණය කරන ලදී.

දේශපාලනමය වශයෙන් මෙන්ම සංස්කෘතිමය සහ ආර්ථිකමය වශයෙනුත් ගන්නා ලද තීරණ රටට හානිදායක ලෙස බලපාන ලද කාලයක් පසුවුනා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියළු පක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට නුසුදුසු බව මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි ගමන සුභදායී වන දේශපාලන ධාරාවකින් කටයුතු කළ හැකිවේවි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ දේශපාලනමය වශයෙන් පක්ෂග්‍රාහි ලෙස බව පැහැදිලියි. ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් වුනත් ගැටළුවක් නෑ. නමුත් ප්‍රතිපත්ති තමයි වැදගත්.

ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන්නේ. ඒ අනුව ඉදිරියේදී රට වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු විටෙක ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නෑ.
.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට