සත්‍යයේ පුවත් අඩහැරය….

මහ මැතිවරණයෙන් පසුව එ.ජා.පට සහය දෙන්න සුදානම් – ටි.එන්.ඒ ..

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පෙරමුණට ආසන 113 ක බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට සහය පළ කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එහි ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. යාපනයේ කයිට්ස් දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකින් පසුව ඔහු මේ බව පවසා සිටින ලදී. එක්සත් ජාතික පෙරමුණට මහ මැතිවරණයේදී හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාවට අනුව ඔවුන්ට හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය උදව් කිරීමට සූදානම් බවද හෙතම වැඩිදුරටත් සඳහන් කරන ලදී. දෙමළ ජාතික සන්ධානයට මෙවර මැතිවරණයේදී දැනට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රීධූර සංංඛ්‍යාවක් නියත වශයෙන්ම හිමි වන බව හෙතම පවසයි. එක්සත් ජාතික පෙරමුණට වැඩි බලයක් දීමට දෙමළ ජාතික සන්ධානයට ඒ අනුව හැකිවන බව හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට