අසිරිමත් නත්තල අදයි…
ලොව පුරා කිතුනු බැතිමතුන්ට අසිරිමත් නත්තල අද (25) උදා විය. නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී අද (25) පෙරවරුවේ පැවැත්වෙන අතර ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සහභාගිත්වයෙන් පවත්වන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනු ඇත.