සත්‍යයේ පුවත් අඩහැරය….

පාඨලී චම්පිකට ඇප ..

Podu Jana Peramuna 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියම කරන ලදී. ඒ  අනුව සැකකාර චම්පික රණවක මහතා රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද නියම කරන ලදී. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහෙස්ත්‍රාත් විසින් කළ ඇප නියෝගයේ සඳහන් වේ. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගතයුතු බවට උපදෙස් ලබාදී නොමැති බවයි.ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවන හෙයින් සැකකාර චම්පික රණවක මහතා ඇප මත මුදා හරින බව මහේස්ත්‍රාත්වරියගේ නියෝගයේ සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට