රාජගිරියේ රිය අනතුර, හිටපු අමාත්‍ය පාඨලීගේ රියදුරුට ඇප..
රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරකට ලක්කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුවරයා ඇප මත මුදා හැරින්නැයි අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.