සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට සහනය ලබාදීමට නිමල් සිරිපාල ද සිල්වා වැඩට බසී…

Podu Jana Peramunaණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් 05දෙනා, 17 ක් දක්වා වැඩි කිරීමට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර ඇත. ඒ අනුව තවත් සාමාජිකයින් 12 දෙනෙකු සදහා පත්වීමි ලිපි ලබාදීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (17) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු කර ඇත. එකී සාමාජිකයින් 17 දෙනා අතර, විශ්‍රාමික විනිසුරුවරුන් 07 දෙනෙකු, නීතිඥයින් 02නෙකු, විශ්‍රාමලත් උසස් රාජ්‍ය නිලධාරීන් 07 දෙනෙකු හා වෘත්තිකයින් ඇතුලත්වේ.

නව පත්වීමි ලැබු සාමාජිකයින් අමතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ ණය සහන දායක මණ්ඩලයේ කාර්ය භාරය පාර්ශ්ව කරුවන් අතර හැකිතාක් දුරට අර්බුදය සමනයට පත් කිරීම බවත්, ගිනි පොලීකරුවන් විසින් බොහෝ විට අහිංසක ජනතාවගේ ඉඩම් කඩම් සින්නක්කර ලෙස ලියා හිමිකර ගෙන ඇති ව්‍යසනයන් මැඩ පැවැත්වීම සදහා ණය සහන දායක මණ්ඩලය දායක වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට