සත්‍යයේ පුවත් අඩහැරය….

තමාට චෝදනා කළ අයට අද සත්‍යය තේරිලා – රවී කරුණානායක ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය එළැඹෙන සතිය තුළ දී විසදෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.මෝදර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කරන ලදී. දේශපාලන පක්ෂයක් ලෙස මේ වන විට මැතිවරණයට සුදානම් වී ඇතැයි ද යන්න මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටින ලදී. මේ මොහොතේ රටේ ආර්ථික ඉතාමත් භයානක තත්ත්වයකට පත්ව ඇති බවත් මෙය මෑතක දී ඇති වු තත්ත්වයක් නොවන බවත්, එය ශක්තිමත් කිරීමට උත්සහ ගත් බවත් පසුව නැවත කඩා වැටීමක් සිදුවු බවත් කියා සිටින ලදි. මේ මොහොතේ කළ යුතුව ඇත්තේ සියලු දෙනා එකතු වී ජාතික ආර්ථිකයක් ඇති කිරීම බවත් පැවසු රවී කරුණානායක මහතා, බැඳුම්කර සිදුවීමට තමාට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගෙන් චෝදනා එල්ල වීම පිළිබඳව ද ඒ මහතා අදහස් පළ කරන ලදී  එකට වැඩ කිරීම තුළින් ජයග්‍රහණය කිරීම ජනතාවට කළ හැකි ලොකුම දේ වන බවත් තමාට චෝදනා කරමින් නිකරුනේ කට ඇරිය අයට ඔවුන් කළ දේ පිළිගැනීමට කාලය මෙය බවත් හෙතම පවසයි. .

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට