සත්‍යයේ පුවත් අඩහැරය….

විනිසුරු ගිහාන් පිලිපිටිය සමබන්ධව කථානායක නීතිපතිගෙන් කරුණු විමසයි ..

Podu Jana Peramunaමහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා, පොලිසියට කළ දැනුම්දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව ඇත. නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිදවැටීමට ඉඩකඩ ඇති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡාවට ලක් කර ඇති බව වාර්තා වේ. මෙවැනි නියෝග හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් එල්ලවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහසයි. නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අත්අඩංගුවට ගැනීම් මෙන්ම පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝග ද  මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ අවධානයට යොමුව ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් කථනායකවරයා, නීතිපතිවරයා කැදවා  කරුණු විමසිය යුතු බවටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා වන්නේ කථානායක කරු ජයසූරිය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට