සත්‍යයේ පුවත් අඩහැරය….

නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට ..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව රටවල් 20 කින් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,283 ක් වේ. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි. මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයයි. එහි සංචාරය සඳහා මීට දින කිහිපයකට පෙර වූහාන් සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් මෙසේ වෛරස ආසාදනයෙන් පෙළෙන බව එරට වාර්තා අද අනාවරණය කෙරුණි. මේ අතර නව කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගතවූ දින 3ක කාලය තුළ කැපී පෙනන ලෙසින් වර්ධනය වී තිබේ. එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක් ද දක්නට ලැබෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට