හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප..
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහරින්නැයි අධිකරණය විසින් අද (05) නියෝගයක් ලබාදී ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පවා එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මාහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.