සත්‍යයේ පුවත් අඩහැරය….

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම, හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaතමා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළ විභාගය, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත්කර වෙනත් විනිසුරුවරයෙකුට යොමුකිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කරන ලදී. අදාළ නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත්කර වෙනත් විනිසුරුවරයෙකුට යොමුකිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී ඇත. විනිසුරු කුලතුංග මහතා එම නඩුව විභාග කරන ආකාරය අනුව යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරමින් ඉහත පෙත්සම ගොනු කර තිබුනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට