නුගේගොඩ හා කිරුළපන අවට ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක්..
භූගත විදුලි රැහැන් දෙකකට හානි සිදුවීම නිසා අද (06) පෙරවරුවේදී නුගේගොඩ හා කිරුළපන ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය අනාවරණය කර සිටියි. අදාළ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බව ද එම අරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.