හෙරොයින් තොගයක් සමඟ මාලදිවයිනේ දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 ක් දැලේ..
හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. දෙහිවල සහ මහරගම ප්‍රදේශයන් තුළ සිදුකරන ලද වැටලීමකදී මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුවන් අතරින් දෙදෙනෙකු මාලදිවයින් ජාතිකයින් බව අනාවරණයවී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් සමඟ මෝටර් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (25) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.