සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා මඩලන්න සජිත්ගෙන්, ජනපතිට යෝජනා මාලාවක් ..

Podu Jana Peramunaකොරෝනා උවදුර සහ එමඟින් රටෙහි උද්ගත වී ඇති කාලීන තත්වය පිලිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (06) වන දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත. එහිදී ජනතාවට සහන සැලසීමේ යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීම ඇතුලු වැදගත් කාරණා රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා කර ඇත. රට තුල කොරෝනා වෛරසයට ගොදුරු වු රෝගීන්ට අමතරව විවිධ භයානක රෝගයන්ට ගොදුරු වු විශාල රෝගීන් ප්‍රමාණයක් සිටින අතර එම රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟයක් රට තුල පවතිව බැවින් ඒ පිළිබඳව සහ කරෝනා රෝගයට ඖෂධ සෙවීමට වෙනත් රටවල් කටයුතු කරන ආකාරයට මෙරට තුළ ද විද්‍යාත්මක පර්යේෂණයන් ඒ සඳහා පැවැත්විය යුතු බවට සමඟි ජන බලවේගය විසින් මෙහිදි දැනුවත් කර ඇත. එමෙන්ම සෞඛ්‍ය කේෂ්ත්‍රය විසින් නව උපකරණ නිපදවීම සිදුකරන බැවින් රට තුළ වසංගත තත්ත්වයක් පවතින වාතාවරණයක් තුළ ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින්  වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සහයන් ලබාගතයුතු අතර රටේ සමස්ත ජනතාවව අත්‍යවශ්‍ය ආහාර නොමැති කමින් අර්බුදයකට ලක්ව ඇති නිසා රජය ඒ පිළිබදවද මැදිහත්ව කටයුතු කළ යුතු බවට මෙහිදි සඳහන් කර ඇත. තවද කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා කැපව කටයුතු කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරින්ගේ සහ ආරක්ෂක අංශ නිලධාරින් අවශ්‍ය රාජකාරිවල යෙදි සිටින සියළුම රාජ්‍ය සේවකයින්ග් ජිවිත ආරක්ෂා කිරීම සඳහා එම පිරිස්වල සෞඛ්‍යම සුරක්ෂිතභාවය ඇති කිරීමට ද රජය කටයුතු කළ යුතු බවට සමඟි ජනබලවේගය විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇත. මේ අවස්ථාව සඳහා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් රංජීත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සහභාඟිවී ඇති අතර රජය නියෝජනය කරමින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් වන  දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, නිමල් සිරිපාලද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුනක් සහභාඟි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට