සත්‍යයේ පුවත් අඩහැරය….

‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ඉදිරි පැය කිහිපය තුළ සක්‍රීය වන ලකුණු ..

Podu Jana Peramunaගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව පවතින ‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම චණ්ඩ සුුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසටත්, අනතුරුව හෙට (18) සිට 20 වනදා දක්වා උතුරට බරව, ඊසාන දෙසින් බටහිර බෙංගාල වෙරළ වෙතත් ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (17) අලූයම 02.30 වනවිට ‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ති‍්‍රකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝ මීටර් 610 ක් පමණ දුරින් ස්ථානගතව පවතින ලදී. මෙම බලපෑම මත දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කළ හැකියි. දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකියි. අද දිනයේ ද දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි. මේ අතර පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ විටින්විට රළු සහ ඉතා රළු විය හැකි බවද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට