කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක් වතුර නෑ..
අද (30) දිනය තුළ පැය 18 ක කාලයක් සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අද පෙරවරු 9.00 සිට හෙට (31) අළුයම 3.00 දක්වා පැය 18 ක කාලයකට කොළඹ 02, 03, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති අතර කොළඹ 01 ප්‍රදේශයට අඩුපීඩනයකින් ජලය සැපයෙනු ඇත. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද තෙක් ජලය සපයනු ලබන ප්‍රධාන නල මාර්ගයේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් නිසා මෙසේ ජල සැලයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් අනාවරණය කර සිටියි.