සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ අරමුණ ජනතාවගේ මරණ මතින් හෝ මැතිවරණය පැවැත්වීමයි – සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර.

Podu Jana Peramunaවර්තමාන ආණ්ඩුවේ එකම අරමුණ මෙරට ජනතාවගේ මරණ මතින් හෝ මැතිවරණය පවත්වා ජයග්‍රහණය ලබාගැනීම බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (03) ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුමේදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව පසුගිය කාලය පුරා  කොරෝනා මර්දනය සහ මැතිවරණ ක්‍රියාවලිය එකම කාලසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම,  රට තුළ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1600 ට වඩා වැඩිවීමට හේතු වු බවයි. විපක්‍ෂය ලෙස සමගි ජන බලවේගයට  අවශ්‍ය වී තිබුණේ රට තුළ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් පැවැත්වීම වුවත් ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණේ ජුනි මස 20 දින මැතිවරණය පැවැත්වීම බව ද ඒ  මහතා අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පී.පෙරේරා මහතා සඳහන් කර සිටියේ “ද ෆිනෑන්ස්” මුල්‍ය සමගාම වසා දැමීමට ගත් තීරණය ඉතා  අසාධාරණ තීරණයක් බවයි. එම ආයතනයේ තැන්පත්කරුවන්ද බරපතල අසාධාරණ තත්ත්වයකට පත්කර ඇති අතර පසුගිය ආණ්ඩුවේ දුර්වලතා  පෙන්වමින් බලයට පැමිණියත් අද වන විට වත්මන් ආණ්ඩුවට නිසියාකාරව මුල්‍ය කටයුතු කළමනාකරණය කර ගැනීමට නොහැකිවී ඇති බව ද ඒ මහතා විසින් පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා  දුර්වල නායකයෙකු බවට අද වන විට පත්ව ඇති අතර මුදල් අමාත්‍යධුරයට ගැලපෙන ශාරීරික සහ මානසික යෝග්‍යතාවය ද අද  එතුමාට නොමැති බවයි. එමෙන්ම ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළු විසඳීමට තරම් උපදෙස් ලබාදිය හැකි පිරිසක් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මුල්‍ය නායකත්වයක් නොමැති නිසා රජයේ මුල්‍ය කටයුතු අද වන විට ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට