සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව දිවුරුම්දුන්නේ ඇමෙරිකාව ආරක්ෂා කිරීමට ද නැතිනම් ජනතාව ආරක්ෂා කිරීමටදැයි විමසීමට සිදුවෙලා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaපසුගියදා ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ලිප්ටන් වටරවුම ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයන්ට ආණ්ඩුව විසින් එල්ල කරන ලද මිලේච්ඡ ප්‍රහාරය හෙළාදකින බවත් ආණ්ඩුව අද වනවිට ඇමෙරිකානු එක්සත් ජනපදය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (10) එම සන්ධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී වමේ කේන්ද්‍රය සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී චමීර පෙරේරා මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

ඇමෙරිකාවට විවිධ චෝදනා ඉදිරිපත් කරමින් බලයට පත්වු වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද වන විට ඇමෙරිකාව වෙනුවෙන් පෙනීසිටීම ගැටළුවක්. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජනතාව ඉදිරියේ දිවුරුම්දුන්නේ ඇමෙරිකාව ආරක්ෂා කිරීමට ද නැතිනම් ජනතාව ආරක්ෂා කිරීමටදැයි විමසීමට සිදුවෙලා.

ජේ.ආර්.ජයවර්ධන මහතා ඇමෙරිකානු ගැතිභාවයකින් කටයුතු කළ බවට යම් යම් දේශපාලඥයින් පැවසුවත් වත්මන් ආණ්ඩුව ඇමෙරිකාවට ගැතිකම් කරන තරම් එතුමා ගැතිකම් සිදුකර නෑ.

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝර්පරේෂන් ගිවිසුමට ජනතාව විරෝධය දැක්වීමට විදි බැසීමට කටයුතු කළහොත් ආණ්ඩුව ඔවුන්ට කුමන ආකාරයකින් සලකනු ඇද්දැයි ඉදිරියේ දී දැකගැනීමට හැකිවේවි.

නිරෝධායන නීතිය යටතේ විරෝධතාකරුවන්ට මෙලෙස පහරදීම සිදුකරන්නේ නම් හිටපු අමාත්‍ය තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සිදුකරන ලද අවස්ථාවේදී ඒ නීති ක්‍රියාත්මක නොවූයේ ඇයිදැයි අපි අහනවා. ඉදිරි මහමැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ආණ්ඩුව, තමන්ගේ විපක්‍ෂය මර්දනය කිරීමට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරාවි.

ඉදිරියේ දී රටේ ජනතාවට මුහුණදීමට සිදුවන්නේ ඒකාධිපති පාලනයකට. එම පාලනය තුළ ජනතාව දැඩි පීඩනයකට ලක්වනු ඇති බැවින් සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම තුළින් පමණක් මෙම ගැටළුවට විසදුම් ලබාගත හැකිවෙිවි.

මෙම මාධ්‍ය හමුව සඳහා ලේක් හවුස් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය, ශ්‍රී ලංගම ජාතික සේවක සංගමයේ ලේකම් කේ.එම්. ප්‍රියන්ත, එක්සත් ජාතික තැපැල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ආර්. නිහාල් සහ එක්සත් ජාතික තැපැල් සේවක සංගමයේ සංවිධායක ලේකම් ආර්.ඩී. සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට