සත්‍යයේ පුවත් අඩහැරය….

සමගි තරුණ බලවේගය එළි දකී..

Podu Jana Peramuna“සමගි ජන බලවේගය පක්ෂය විසින් ප්‍රගතිශිලි රටක් – සමගි තරුණ බලවේගයක් යන තේමාව ඔස්සේ එම පක්ෂයේ තරුණ සංවිධානය පිහිටුවීම ඊයේ (15) දින හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරනු ලැබීය. සමගි තරුණ බලවේගය යන නමින් එළිදැක්වු මෙම නව සංවිධානයේ  ‍සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස  ඉන්සාෆ් බාකිර් මාකර් මහතා කටයුතු කරනු ලබයි. මෙම අවස්ථාවේදි සජිත් ප්‍රේමදාස මහතාෙ විසින් එම සංවිධානයේ ප්‍රඥප්තියට අත්සන් තැබීමට කටයුතු කළ අතර එයට අනුව මහ මැතිවරණයෙන් පසුව එළඹෙන සෑම මැතිවරණයකදීම සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින්ගෙන් 25%ක නියෝජනයක් මෙරට තරුණයින්ට ලබාදීමට ඒ මහතා විසින් පොරොන්දුවක් ලබාදීමට කටයුුතු කරන ලදී.

එහිදි අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ මෙරට මැතිවරණයක් පැවත්වෙන සෑම අවස්ථාවකදීම දේශපාලඥයින් විසින් තරුණ ප්‍රජාව යොදා ගනිිමින් සිය ජයග්‍රහණය සඳහා මාවත සකස් කරගන්නා නමුත් මැතිවරණයෙන් පසුව ඔවුන්ගේ ගැටළුවලට කිසිදු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවන බවයි. එම නිසා සිය පක්ෂය සහ තමන් ලිඛිතව මෙම පොරොන්දුව ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව මෙරට තරුණ තරුණයින්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කාවින්ද ජයවර්ධන, හේශා විතානගේ, හර්ෂ ද රාජකරුණා ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ එම පක්ෂයේ ඉදිරි මහ මැතිවරණ අපේක්ෂකයින් වන එරංග වැලිඅංගේ , කනිෂ්ක සේනානායක, තාරක නානායක්කාර, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට