සත්‍යයේ පුවත් අඩහැරය….

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ දරණ ස්ථාවරය කුමක්දැයි ආණ්ඩුවෙන් විමසනවා – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaලබන අගෝස්තු 05 වනදායින් පසු දුරකථනය විසන්ධි වන්නේ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දිනෙක පවසා ඇති අතර දුරකථනයේ සැබෑ ක්‍රියාකාරීත්වය ලබන අගෝස්තු 05 වනදා සිට දක්නට ලැබෙනු අතැයි ඒ මහතාට පවසා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි.ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළකරන ලදී.

තිස්ස අත්තනායක මහතා මෙහිදී තවදුරටත් පහත පරිදි මාධ්‍ය වෙත අදහස් පළකරන ලදී.

මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන අපේ කණ්ඩායම උගත් මෙන්ම බුද්ධිමත්
මහාචාර්යවරු, නීතිඥවරු, බැංකු නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, උපාධිධාරීන්, හමුදා නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන් රැසකගෙන් සමන්විතයි. ඒ අනුව සමගි ජන බලවේගයෙන් මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති කණ්ඩායම ඉතා ශක්තිමත් බව පැවසිය හැකියි.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන ජූලි මස මුල් සතියේදී ඉදිරිපත් කරනවා. සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනහමු 1000 ක් සහ තවත් ජනහමු 25000 කට වඩා පැවැත්වීමටත් කටයුතු යොදා තිබෙනවා.

පවතින නීති ආරක්ෂා කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පිළිපදිමින් මැතිවරණ කටයුතු සිදුකරනවා.ඒ අනුව මැතිවරණය ප්‍රචාරක කටයුතු සඳහා වැඩි ඉඩක් ලබාදෙන්නැයි සියළු දේශපාලන පක්ෂ විසින් ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයකට එළඹ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු, ජාතික ලයිස්තුවෙන් දෙවරක් පාර්ලිමේන්තුවට පත්ව නියෝජ්‍ය අමාත්‍යධූරයක් දැරූ කරුණා අම්මාන් මහතා, තමන් කොරෝනාවලටත් වඩා සැරයි, හමුදාවේ 2000 ක් 3000 ක් ඝාතනය කිරීමට තමන් අණදුන්නා යනුවෙන් සිදුකරන ලද ප්‍රකාශය සරළව ගතනොහැකියි. මෙම ප්‍රකාශය නීතියට අනුව බරපතල වරදක්. මානව හිමිකම් කඩකළ බවට මෙරට හමුදාව ඇතුළු පොලිසිය වෙත චෝදනා එල්ලකළ ලොව මානව හිමිකම් සංවිධාන ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් දරණ මතය සහ ඒ සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක්දැයි විමසා සිටිනවා.

මෙම ප්‍රකාශය ගැන සිය ස්ථාවරය කුමක්දැයි ආණ්ඩුවෙන් විමසනවා. යුද සමයේ මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි යැයි ඉහත ප්‍රකාශය පිළිබඳ අදහස් පළකරමින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා තිබුනා. මෙවැනි දේ පවසමින් මෙම ප්‍රකාශය සාධාරණීකරණය කළ නොහැකියි. රටේ නීතිය සමසේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ අනුව යමෙකු යම් මිනීමරුමක වගකීම භාරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවශ්‍ය පියවර ගතයුතුව තිබෙනවා.


මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන්ද සහභාගිවී සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට