සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ සත්‍යය තත්ත්වය හෙළිකිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තුතිය පළකරනවා – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්

Podu Jana Peramunaතමන් බලයට පත්ව මාස 08 ක කාලයක් ගතව ඇතත් මෙතෙක් කිසිවක් සිදුව නොමැති බවට සහ සිය නියෝග හා උපදෙස් කඩදාසිවලට පමණක් සීමාවී ඇති බවත් පවසමින් බැංකු නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කොට ආණ්ඩුවේ සත්‍යය තත්ත්වය රටට හෙළිකිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. අද (24) පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මනෝ ගනේෂන් මහතා මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

ඉහත ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මඟහැරීමට අග්‍රමාත්‍යවරයාත් බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුනුත් උත්සාහ කළා. එම පිරිසටත් ඉහළින් සිටින රටේ ජනාධිපතිවරයා තමයි එවැනි අදහසක් පළකලේ. ඔවුන් ප්‍රමාද වැඩියි ඒ දේට. වැඩකරන විරුවාගේ ආණ්ඩුව මේ වනවිට වැඩ බැරි ආණ්ඩුවක් බවට පත්වෙලා.

පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා මිස වත්මන් ආණ්ඩුව නොවෙයි. නව ආණ්ඩුවක් බිහිවන ඉදිරි මහමැතිවරණය අපි තමයි ජයගන්නේ. අපත් සමඟ ද සොරුන් පිරිසක් සිටියා. අපි එය පිළිගන්නවා. නමුත් ඔවුන් අද වනවිට මේ අසළම ස්ථානයක ඉන්නවා. අපගේ පිරිස ඉතා පිරිසිදු කණ්ඩායමක්. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු අග්‍රාමාත්‍යවරයෙකු හෝ හිටපු ජනාධිපතිවරයෙකු හෝ නොවෙයි.

නමුත් ආණ්ඩුව තුළ සිටින හිටපු ජනාධිපතිවරයෙකු අග්‍රාමාත්‍යධූරයට පත්වීමටත් දැනට සිටින අග්‍රාමාත්‍යවරයා යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමටත් උත්සාහ කරමින් සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායකයා පාලනය කරමින් සිටිනවා.

රටේ සියළු ජනතාව එකම පවුලක සාමාජිකයින් ලෙස එක්කරගනිමින් නිසි ගමනක් ගෙනයා හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි. මේ වනවිට ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට සමීපවී තිබෙනවා. එවැනි නායකයෙකු සිටීම රටටත් ජනතාවටත් වාසනාවක්.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉම්රාන් මහරූෆ් මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට