සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති, නිපුණතා සංවර්ධන දශකයක් නම් කරයි ..

Podu Jana Peramuna2021 සිට 2030  දක්වා වන දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්  කර ඇත. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කර ඇති බව සඳහන් වේ. ගෝලීය ප්‍රවනතාවන්ට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යාය පත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් සියයට 10 ක් දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීට නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කරන බව සඳහන්  වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට