සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා යළි හිස එසවූයේ ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් දියත් නොකළ නිසයි – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaකොරෝනා වෛරසය මෙරට තුළ මේ ආකාරයට ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වූයේ ආණ්ඩුව ඇතුළු බලධාරීන් වෛරසය මර්දනය කිරීමට මෙන්ම එය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට විධිමත් වැඩපිළිවෙලක් දියත් නොකිරිම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඊයේ (14) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා එහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

මැලේරියා රෝගය වසංගතයක ස්වරූපයෙන් මෙරට තුළ නැවත මතු වු විට එම තත්ත්වය මර්දනය කිරීම සඳහා තමන් අවශ්‍ය කටයුතු සිදුකළා. ඒ අනුව පසුගිය වසර 04 ක කාලය තුළ මැලේරියා රෝගය මෙරටට ඇතුළුවීමක් සිදුවුනේ නෑ. ගුවන්තොටුපළ තුළ යම් විධිමත් වැඩපිළිවෙලක් දියත් කළහොත් මෙරටට වෛරස් රෝග තත්ත්වයන් ඇතුළුවීම වළක්වා ගත හැකියි. මෙරට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කොරෝනා වෛරසය පිළිබඳ කිසිදු අවධානයක් හෝ එහි භයානකභාවය පිළිබඳව කිසිදු තැකීමක් කළේ නෑ. මේ වනවිට කොරෝනා වෛරසයේ දෙවන රැල්ලත් රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් වන තායිවානය සහ හොංකොං ද කඩිනමින් සිය ගුවන්තොටුපොළවල් වසා අදාළ සිමාකිරීම් සිදුකර මෙම වසංගතය එම රටවලින් තුරන් කිරීමට කටයුතු කළත් මෙරට තුළ එවැනි වැඩපිළිවෙලක් දියත්නොවීම නිසා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදියුණු කිරීමට කටයුතු කළත් අද එවැනි තත්ත්වයක් එහි නැහැ. හදිසි අනතුරු සේවාවන් වලදී රෝගීන් රෝහල් ගතකිරීමේ යම් තදබදයක් පැවතුනා. තමන් එය සම්පුර්ණයෙන්ම ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු කළා. කොරෝනා වසංගතය නිසා පසුගිය කාලය තුළ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබුනා. එම කාලය තුළ රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා නිසි වැඩපිළිවෙලක් තිබුනේ නෑ. පොදු ප්‍රවාහන කටයුතු ද අඩාල වී තිබුණු නිසා ජනතාවට පිහිටවූයේ සුවසැරිය ගිලන් රථ සේවාව පමණයි.

කොරෝනා වෛරසය පවතින තත්ත්වයකදී හෝ මැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට ආණ්ඩුවට අවශ්‍යව තිබූ නිසා කොරෝනා වසංගත තත්ත්වය පහව ගොස් ඇතැයි සමාජගත කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කර රට නිදහස් කිරීමට ද ආණ්ඩුව කටයුතු කළා. නමුත් අවසානයේදී යළි රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වූනා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට