බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් සැකකරුවන් 364 ක් දැලේ..
ඊයේ (26) අළුයම 5.00 දක්වා අවසන් පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම සැකකරුවන් අතර හෙරොයින් සන්තකව තබාගෙන සිටි 134 ක්, ගංජා සන්තකයේ තබාගෙන සිටි 73 ක්, නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය සන්තකව තබාගෙනසිටි 105 ක් වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.