සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට සම්පත් විදෙස් රටවලට ලබාදීම ආරම්භ කර ඇත්තේ රාජපක්ෂවරුන් විසිනුයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaසිය බලතල සීමාකර එම බලතල ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදීමට ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධය දක්වමින් සිටින අතර සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සිදුකිරීමට ඇති බලය සීමාකර ඇතැයි මේ අනුව පෙනීයන බවත් රාජ්‍ය සේවයේ කාර්යයන් මෙලෙස දේශපාලඥයින්ට ලබාදීම දැඩිව හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ චම්පික රණවක මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

නීතිපතිවරයාගේ සහ මැතිවරණ කොමිසමේ එකඟතාවය යටතේ සෞඛ්‍ය ආරක්ෂක නීති රීති කඩිනමින් ගැසට් කිරීමට කටයුතු කර අවසාන දින කිහිපය තුළ හෝ මැතිවරණ ව්‍යාපාරය විධිමත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අවසානයට රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී ගන්නා ලද තීන්දුවක් නිසා මේ වනවිට වරාය තුළ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. රාජ්‍ය දේපළ විකිණීමට කටයුතු කරන්නේයැයි පසුගිය ජනාධිපතිවරණ සමයේදී යහපාලන ආණ්ඩුවට චෝදනා කළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ගිවිසුමක් මඟින් චීනයට පවරන ලද හම්බන්තොට වරාය යළි ලබාගන්නා බව පැවසුවත් මේ වනවිට එම පොරොන්දුව යටපත්ව තිබෙනවා. කොළඹ වරායේ දක්ෂිණ පර්යන්තය චීනයට ලබාදෙන ලද්දේ රාජපක්ෂවරුන්. ඒ අනුව මෙරට සම්පත් විදෙස් රටවලට ලබාදීම ආරම්භ කර ඇත්තේ රාජපක්ෂවරුන් බව පැහැදිලි වෙනවා.

වරාය නැගෙනහිර පර්යන්තය නැවත විදෙස් සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය පවා ලබාගෙන තිබෙනවා. නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට ලබාදුනහොත් වරාය අධිකාරිය වැසීයන බව පැහැදිලියි. ජාතික සම්පත් විකුණා දමන බවට පැවති ආණ්ඩුවට චෝදනා කිරීමෙන් පමණක් පළක් වන්නේ නෑ. පුත්තලම ගල් අඟුරු බලාගාරය ව්‍යාප්ත කිරීමේ පදනම මත ලක්විජය බලාගාරය ඉදිකිරීමේ කටයුතු විදෙස් සමාගමකට පැවරීමට උත්සාහ කිරීම, 2011 දී රාජපක්ෂබවරුන් විසින් චීනය සමඟ එළඹෙන ලද ගිවිසුමෙහි සඳහන් වැදගත් කරුණක්. බලාගාරය ව්‍යාප්ත කිරීමේ හැකියාව විදුලි බල මණ්ඩලයට ඇතැයි ඉංජිනේරුවරුන් ඇතුළු බලධාරීන් සඳහන් කර ඇතත් එම බලාගාරය විදෙස් සමාගමකට පැවරීමට ආණ්ඩුව උත්සාහකරමින් සිටිනවා.

බරපතල ගැටළුවක් බවට පත්ව ඇති කොළඹ ආශ්‍රිතව පවතින දැවැන්ත මාර්ග තදබදය විසඳීම සඳහා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කිරීම සඳහා ඉහත ව්‍යාපෘති දියත්කිරීම සඳහා ගත් විද්‍යාත්කමක සහ අව්‍යාජ උත්සාහය යටපත් කර ගුවන් පාලම් පිළිබඳ අවධානය යොමුකරමින් සිටින ආණ්ඩුව, එහිදී එම ණය ගෙවාගැනීමට නොහැකිව එම පාලම් ද විදෙස් රටවලට ලබාදෙන්න කටයුතු කරාවි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට