සත්‍යයේ පුවත් අඩහැරය….

සියලු පාසල් අද සිට ඇරඹෙයි..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල් අද (10) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව 5, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණක් සතියේ දින පහ තුළ අධ්‍යයන කටයුතු සඳහා පාසල් වෙත පැමිණිය යුතු වේ. අනෙකුත් ශ්‍රේණි සඳහා අදියර කිහිපයක් යටතේ අධ්‍යයන කටයුතු සිදුකෙරෙනු ඇත. සම්පූර්ණ ශිෂ්‍ය ප්‍රමාණය 200 ට අඩු පාසල් සාමාන්‍ය ලෙස සතියේ දින 05 තුළම පැවැත්වේ. ශිෂ්‍ය ප්‍රමාණය 200 ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණි වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දින නියම කර ඇත. ඒ අනුව සිසුන් 200 ට වැඩි ප්‍රාථමික පාසල්වල පළමු ශ්‍රේණිය සහ පස්වන ශ්‍රේණිය සඳුදාත් දෙවන ශ්‍රේණිය සහ පස්වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේදීත් තුන්වන ශ්‍රේණිය සහ පස්වන වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වීමට කටයුතු කර ඇත. එමෙන්ම හතර ශ්‍රේණිය සහ පස්වන ශ්‍රේණිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදීත් පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සිසුන් 200 ට වැඩි ද්විතියික පාසල්වල හයවන ශ්‍රේණිය සඳුදා දිනයේදීත් හත්වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේදීත් අටවන ශ්‍රේණිය බදාදා දිනයේදීත් පැවැත්වේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල නවවන ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු පැවැත්වීමට නියමිතව ඇත. සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතියික පාසල්වල 10, 11, 12 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සතියේ දින 05 ම පැවැත්වේ. හය, හත, අට සහ නවවන ශ්‍රේණි සඳහා පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වා අධ්‍යයන කටයුතු පැවැත්වීමටත් දහය, එකොළහ, දෙළෙහ සහ දහතුන්වන ශ්‍රේණිය දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වාත් අධ්‍යයන කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට