සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව මධ්‍යම පළාත් සභාවේ අරමුදල් කපාහරිමින් සිටිනවා, මහජන නියෝජිතයින් නිහඬයි – පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝහිණී කවිරත්න

Podu වත්මන් සෞභාග්‍යයේ ආණ්ඩුව, මධ්‍යම පළාත් සභාවේ අරමුදල් කපාහරිමින් සිටින නමුත් මාතලේ සහ මහනුවර ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පළනොකරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කර සිටියි. ලග්ගල, කිරිඔය ප්‍රදේඹයේ පැවති රැස්වීමක් අමතමින් රෝහිණී කවිරත්න මහත්මිය මෙම අදහස් පළකර ඇත.

එහිදී ඇය පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වා තිබේ.

2019 දී තමන් මැදිහත්වී මධ්‍යම පළාත් සභාවට රුපියල් මිලියන 2,975 ක අරමුදල් රැගෙන දුන්නා. 2020 වෙනුවෙන් පළාත් සභාව ඉල්ලා තිබෙන රුපියල් මිලියන 14,457 ක් වෙනුවට ආණ්ඩුව රුපියල් මිලියන 1,637 ක් පමණක් අනුමත කරලා තිබෙනවා. මෙවැනි කැපිල්ලක්, ඉතිහාසයේ කවදාවත් මධ්‍යම පළාතට වුණේ නෑ. ආණ්ඩුවේ ඉන්න උඩරට මන්ත්‍රීවරු කිසිවෙක් මෙසේ අරමුදල් කපාදැමීමට විරුද්ධව වචනයක් හෝ පවසලා නෑ. ලැජ්ජයි මේ ගැන.

වැව් වේළිලා යමින් තිබුනත් ඒවා හදන්න පළාත් සභාව තුළ සල්ලි නෑ. මාර්ග සංවර්ධනය, අධ්‍යාපන සංවර්ධනයටත් එහෙමයි. මුදල් නෑ. කුඩා කර්මාන්ත, සාම්ප්‍රදායික නිෂ්පාදන දියුණුවටත් දැන් පළාත් සභාව සතුව මුදල් නෑ. මුළු රටේම සල්ලි දැන් යොමුකර තිබෙන්නේ දකුණු පළාතට, මොණරාගලට, කුරුණෑලට සහ ගම්පහට බව පේනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට