සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමත් පිළිබඳ සතුටුවනවා – කැනඩා මහ කොමසාරිස්

Podu අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් David McKinnon මහතා අතර හමුවක් පසුගිය (30) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා ඇත. දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු වී ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා කැනඩා රජය ලබා දෙනු ලබන සහයෝගය අගය කරන බවත් ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත.

මෙරට අධිකරණ පද්ධතිය තුළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අදහස් හුවමාරු වු අතර ඒ සදහා ශ්‍රි ලංකා රජය ගෙන ඇති පියවර මහ කොමසාරිස්වරයා අගය කිරීමද එහිදී සිදුවී ඇති අතර මෙම අවස්ථාවට මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද දෙවන ලේකම් Valerie Ouellette ද එක් වි ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට