සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශ වල වෙළඳසැල් අද විවෘත කෙරේ ..

Podu නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ඇති බවත් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එලෙස විවෘතව ඇති වෙළදසැල් සඳහා සිය අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී පයින් ඇවිද යා හැකි දුරකින් පිහිටි ස්ථාන වෙත පමණක් යාමට ජනතාවට අවසරය හිමිවන බවත් නිධන්ගත රෝග සහ වයෝවෘද පිරිස් හැකිතාක් නිවසට වී සිටින ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත. මෙම අවසරය අනුව තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගැනීමට නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ලෙසත් එලෙස නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට