මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 188 ක් දිවයිනට..
මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද (24) අලුයම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 50 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි 138 දෙනෙකු ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණ ඇත. එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්ය.