සත්‍යයේ පුවත් අඩහැරය….

තර්ක බුද්ධියකින් සහ විශේෂඥ දැනුමකින් තොරව ආණ්ඩුව කොරෝනා මර්ධනය කිරීමට කටයුතු කරනවා – සමගි ජන බලවේගය ..

Podu වත්මන් ආණ්ඩුව කිසිදු තර්ක බුද්ධියකින් තොරව විශේෂඥයින්ගේ මැදිහත්විමකින් තොරව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා විවිධාකාරයේ ක්‍රියාමාර්ගයන්  දියත් කරමින් සිටින නිසා  එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වසංගතය ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේගය පවසයි.එම පක්‍ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටින්නේ  කොරෝනා වෛරසය අවසන් වන දිනයක් පැවසිමට නොහැකි බවයි. මානව වර්ගයා මෙම වෛරසයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් සොයා ගැනීම සඳහා වන වැඩපිළිවෙලක් ලෝකය තුළ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වු බවත් වෛරසයක් යනු ජීවී අජීවී කොටස් දෙකටම අයත් වන කුලකයක් වන නිසා එය පරාජය කිරීමට නම් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ දැමිමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා විවිධ රටවල් සිදුකළ පරීක්‍ෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට කටයුතු කර ඇති නිසා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට අදාළ ප්‍රමිතීන්ට අනුව එන්නත් ගණනාවක් සොයාගෙන ඇති බැවින් එම එන්නත් මෙරටට ගෙන්වා ජනතාවට ලබාදිය යුතු බවට හෙතම පවසයි.

රටක් ලෙස කුමන එන්නත ලබා ගන්නේද යන්න මෙතෙක් වත්මන් ආණ්ඩුව තීරණය කර නොමැති නිසා මෙරටට යෝග්‍යය වන්නේ කුමන එන්නතක් ද යන්න පිළිබඳව සොයා බැලීමට හෝ ආණ්ඩුව කටයුතු නොකරන බවත්  ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම එන්නත ලබාදීම සඳහා රට සුදනාම් කළද මෙරට තුළ එවැන්නක් සිදුනොවීම කණගාටුදායක තත්ත්වයක් බව එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (13) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. අද වන විට ආණ්ඩුව මිත්‍යාව පසු පස යමින් කොරෝනා වෛරසය මර්දනය කිරීමට කටයුතු කරනවා මිස ලෝකය පිළිගෙන පවතින විද්‍යාත්මක ක්‍රම අනුගමනය නොකරන නිසා කඩිනමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා මෙරට ජනතාවට ලබාදිය යුතු බව හෙතෙම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට