සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින් 47,305 ක් තෙක් ඉහළට, 40317 ක් සුවය ලබලා, මරණ 225 ට නඟියි..

Podu මේ දක්වා මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 47,305 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (08) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 525 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින්ගේ ප්‍රමාණය 40,317 කි. ඒ අනුව ආසාදිතයින් 6,763 ක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියි. එමෙන්ම මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 225 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ වාර්තාවූ මරණ 03 ත් සමගිනි.

මෙරට තුළ දිනකදී සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහළ දැමිය යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට