සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතීන් ආණ්ඩුව ඔවුන්ගේ මෙන් විවෘත කරනවා – සමගි ජන බලවේගය ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව බරපතල තත්ත්වයක් උද්ගතව ඇති අතර ජනාධිපතිවරයා සහ වරාය වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවට පවසා ඇතත් 51% ක ප්‍රමාණයක් මෙරට රජය තුළ පවත්වාගෙන 49% ක් ඉන්දියානු සමාගමකට ලබාදෙන බවට පැවසීම තුලින්  සම්පුර්ණයෙන් නොවුණත් යම් ආකාරයකට විකිණීමකට ලක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (14) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලය තුළ වෘත්තිය සමිති සමග සාකච්ඡා කරමින් රාජ්‍ය සම්පත් විකිණීමට කටයුතු නොකරන බවට පවසා සිටියත් රාජ්‍ය සම්පත් විකිණීම මේ වන විට ආරම්භ කර ඇති අතර යහපාලන ආණ්ඩුව ගත් එකඟතාවයකට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව මෙවැනි තීන්දුවක් ගෙන ඇති බවට ආණ්ඩුව පවසා සිටියත් එය තරයේ හෙළා දකින බව හෙතම පවසා සිටින ලදී.

යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතින් වත්මන් ආණ්ඩුව ඔවුන් සිදුකළ ආකාරයට විවෘත කිරීම සිදුකරන බවත් හොරණ ටයර් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට විරෝධය දැක්වු පිරිස් අද එය විවෘත කිරිම විහිළුවක් බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

රටේ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධව යම් බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර රන්ජන් රාමනායක මහතාට ලබාදුන් දඩුවම පිළිබඳව යම් මතයක් සමාජය තුල නිර්මාණය වෙමින් පවතින බවද හෙතම වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට