සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය දේපළ නොවිකුණන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව ජනතාව රවටමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධව කොරෝනා බියක් ඇතිවී ඇති අතර එවැනි බියක් ඇති කර නොගන්නා ලෙස ඊයේ (15) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.මෙම මාධ්‍ය හමුව සමගි ජන බලවේගයේ පා.ම ජේ.සී. අලවතුවල මහතා විසින් පවත්වා ඇති අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂවණයකට ලක්වු බවත්, එම පරීක්ෂණයට අනුව එම මන්ත්‍රිවරුන්ට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බවත්, එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

මේ වන විට ආණ්ඩුව රටේ ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවත්, ජනාධිපතිවරයාගේ සිට පහළ මට්ටම දක්වා මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ජනතාව නොමඟ යැවීමට කටයුතු කරන බවත්, වරාය සේවකයින් අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව විරෝධතාවයක් ඇතිවී ඇති අතර ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවී කටයුතු කළ ස්වාමින් වහන්සේලා පිරිසක්ද වරාය සේවකයින් සමග එකතුවී ආණ්ඩුවට එරෙහිව කටයුතු කරමින් සිටින බවත්, එම පිරිස් තවදුරටත් මුලාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පවසා ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අද්වානි සමාගමට ලබාදීමට කටයුතු කරන බවට පැහැදිලි ලෙස සඳහන් කර ඇති බවත්, නැගෙනහිර පර්යන්තය සම්බන්ධව බලධාරීන් අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති තත්ත්වයක් තුල වරාය සේවකයින්, ජනතාව මුලා කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුව බලයට පත්වීමට පෙර රාජ්‍ය සම්පත් විකිණීමට කටයුතු නොකරන බවට පවසා සිටිය අතර පැවති යහපාලන ආණ්ඩුව රාජ්‍ය දේපල විකිණීමට කටයුතු කළ බවට පවසමින් බලයට පත්වු ආණ්ඩුව අද වන විට ෂැංග්‍රිලා  හෝටලය ආසන්නයේ පිහිට යුධ හමුදා යාන්ත්‍රික බලකායට අයත් ඉඩමක්ද චීන සමාගමකට විකිණීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය දේපල විකිණීමට කටයුතු නෙකාරන බව පවසමින් බලයට පත් පිරිස මේ ආකාරයට කටයුතු කිරීමට සදාචාර අයිතියක් පවතිනවාද යන්න එහිදී විමසා ඇත. ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පවතින වාහන රථගාල සහිත ඉඩමද විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, නෙළුම් කුළුණ අවට පවතින රජයේ ඉඩම්ද විදේශීය සමාගම් වලට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විට දියත් වෙමින් පවතින අතර රටේ වටිනාම ඉඩම් විකිණීමට කටයුතු කරමින් ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවත්, මෙය තරයේ හෙළා දකින බවද පවසා ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික අංගයක් වන භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කර ඇති බවත්, හරීන් ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීමක් පිළිබඳව විධායක ජනාධිපතිවරයා ප්‍රබල ප්‍රකාශනයක් නිකුත් කර ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ජනාධිපතිවරයා විසින් දරුණු ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිබඳව දේශපාලන පක්ෂම පාට භේදයෙන් තොරව දැඩි ලෙස හෙළා දකින බව අවධාරණය කරයි.

ආණ්ඩුව අසාර්ථක වී ඇති තත්ත්වයක් තුළ ගජ මිතුරන්ට වාසි වන ආකාරයට කටයුතු කරන බවත්, සීනි වලට පනවා තිබු බද්ධ අඩු කිරීම තුලින් ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමකට මුල්‍ය වාසියක් හිමි වී ඇති අතර පාරිභෝගික ජනතාවට සීනි වලට පනවා තිබු බදු අඩු කිරීමේ වාසිය හිමිවී නොමැති බවත්, ආණ්ඩුව අද වන විට රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කරනවා වෙනුවට නීති ගණනාවක් ක්‍රියාත්මක කරන බවට වැඩි දුරටත් සදහන් කර ඇත.

යුක්රේනයෙන් සංචාරකයින් ගෙන ඒම සඳහා සම්බන්ධවී කටයුතු කරනු ලබන්නේ රුසියාවේ හිටපු තානාපතිවරයා වන උදයංග වීරතුංග මහතා වන බවත්, මෙරටට යුක්රේන සංචාරකයින් ගෙන ඒමට කටයුතු කිරීම තුලින් මෙරට ජනතාවගේ ජීවිත වලට යම් තර්ජනයක් මතුව ඇති අතර එම තත්ත්වයට වගකියන්නේ කවුරුන්ද යන්න විමසා සිටින අතර රජය අද වන විට ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවක් දක්නට නොලැබෙන බව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට