සත්‍යයේ පුවත් අඩහැරය….

අද වනවිට රට විශාලා නුවරක් බවට පත්ව තිබෙනවා, ආණ්ඩුව රටේ සෞඛ්‍ය සේවාව විනාශ කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu කොරෝනා වෛරසය මර්දනය වන බව පවසමින් නිෂ්පාදනය කළ පැණිය පානය කළ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරියට එම වෛරසය ආසාදනය වීමේ ප්‍රවෘත්තිය වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව දෙස ග්‍රෝත්‍රික ඇසින් බලමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඊයේ (24) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල රාජිත සේනාරත්න මහතා එහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

අද වන විට කොරෝනා වසංගතය රටේ සමස්ත දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්තවී අවසන්. මරණ ගණනත් ඉහළ යමින් තිබෙනවා. රටේ සෞඛ්‍ය අමාත්‍යවරියත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා. මුට්ටි ගංඟා වලට දැම්මත් ධම්මික පැණිය පානය කළත් වෛරසයෙන් ආරක්ෂා වීමට ඇයට නොහැකි වුනා. නවීන තාක්ෂණය දියුණු වීමත් සමග නිදහස් අධ්‍යාපනය තුළින් බුද්ධිමතුන් නිර්මාණය කළ ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි තත්ත්වයක් උදාවීම කණගාටුදායක තත්ත්වයක්. මිත්‍යාව පසුපස යන ආණ්ඩුව ජනතාව රවටමින් සිටිනවා.

කොරෝනා වසංගතයට ඇති එකම ප්‍රතිකාරය එන්නත් ලබාදීමයි. එන්නත් මෙරටට ගෙන්වාගැනීම සඳහා ඇණවුම් ලබාදෙන්නැයි තමන් පාර්ලිමේන්තුවේ කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිගත්තේ නෑ. ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 06 ක් ගෙන ඒමට කටයුතු කරන බව ආණ්ඩුව පවසා සිටිනවා. එක් පුද්ගලයෙකුට එන්නත් 02 ක් ලබාදිය යුතුයි. එන්නත් ලක්ෂ 06 ක් ගෙන්වීමට කටයුතු කළත් ලක්ෂ තුනක පමණ පිරිසකට පමණයි එන්නත ලබාදීමට හැකිවන්නේ. ලෝකයේ වෙනත් රටවල් අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ඇණවුම් කරලා. නමුත් ශ්‍රී ලංකාව තාම පළමු අදියරේ.

ඉතා ඉහළ නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින බවට කීර්ති නාමයක් පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අද වනවිට විනාශ වෙමින් තිබෙනවා. ඒ ගැන කණගාටුයි. ආර්ථිකය ගැන උජාරුවෙන් කථාකළ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන නිහඩයි. ඔහු කතාකරන්නේ කොටස් වෙළඳපොල පිළිබඳව පමණයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයද ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ආර්ථික විශ්ලේෂකයින් සහ විද්‍යාඥයින් පවසන ආකාරයට ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් මෙරට තුළ ඇතිවේවි. ආණ්ඩුවේම පිරිස් ආර්ථිකය දැඩි බයකින් පසුවන්නේ. රට අද වනවිට රට විශාලා නුවරක් බවට පත්ව තිබෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට