සත්‍යයේ පුවත් අඩහැරය….

මුතුරාජවෙල තෙත්බිම් කලාපය බේරාගැනීමට පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට..

Podu මුතුරාජවෙල තෙත්බිම් කලාප පරිසරයට හානි කරමින් ඒ ආශ්‍රිතව නීති විරෝධී ලෙස සිදුකරමින් පවතින ගොඩකිරීම්, යම් යම් ඉදිකිරීම් සහ කසළ බැහැර කිරීම් ආදිය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, වනජීවී දෙර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මීගමුව, වත්තල හා ජාඇළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් වගඋත්තර කරුවන් ලෙස නම්කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ. යළි මිණුම්ගත කර මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ මායිම් අලුතින් නීර්ණය කරන්නැයි මෙන්ම තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා “ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක්” සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් තවදුරටත් ඉල්ලා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට