සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති කරන්නේ මිලිටරී පාලනයක්, සමගි ජන බලවේගය…

Podu රට තුළ මානව හිමිකම් සම්බන්ධව බරපතල තත්ත්වයක් උදාවෙමින් පවතින බවත් සිවිල් පරිපාලනය සඳහා පත්කළ යුතු සිවිල් නිලධාරින් සිටියද එම නිලධාරින්ව අදාළ තනතුරු වලට පත්නොකර මිලීටරි පාලනයක් දියත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවත් සිවිල් පරිපාලන නිලධාරීන් වෙනුවට හමුදා නිලධාරීන් පත්කිරීම තුළ සිවිල් පරිපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇති බව සමගි ජන බලවේගය විසින් (30) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා ජේ.සී. අලවතුවල මහතා සහභාගීවූ අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ ශ්‍රි ලංකාවාසී ජනතාවට සිදුව ඇත්තේ ජනවහරේ සඳහන් වන ආකාරයට “ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නා වගේ” තැනට පත්ව සිටීමට වන අතර එයට ප්‍රධාන හේතුව ලෙස කොරෝනා වසංගතයත් සමග රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර ආර්ථික මෙන්ම සෑම අංශයකින්ම රට විනාශවී ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් මෙරට සම්බන්ධව වාර්ෂිකව ඉදිරිපත් කරන මානව හිමිකම් වාර්තාව තුලින් මෙරට තුළ පසුගිය වසරක කාලය තුළ දැඩි ලෙස මානව හිමිකම් උල්ලංගණය වී ඇති බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවයි.

2015 ට පෙරද මහින්ද රාජපක්ෂද පාලන සමයේදී මානව හිමිකම් සම්බන්ධව අර්බුදකාරි තත්ත්වයක් පැවතිය බවත් එම කාලය තුළද සිවිල් සංවිධාන හා මාධ්‍ය මර්ධනය කිරීමට කටයුතු කළ නිසා මෙරටට හිමි වීමට තිබු GSP+ සහනය රටට අහිමිවු අතර ඒ තුලින් ඇඟළුම් අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් රටට අහිමි වු බවත් මෙරටට හිමි වීමට තිබු වරප්‍රසාද බංගලාදේශය සහ වියට්නාමය වැනි රටවල් වලට හිමි වු බවත් මෙරටට හිමිව තිබු යුරෝපා මත්ස්‍ය සහනයද අහිමි වු අතර යහපාලන ආණ්ඩුව විසින් මානව හිමිකම් ආරක්ෂාම කරමින් ජාත්‍යන්තරය තුල යම් විශ්වාසයක් අතැති කළ නිසා යුරෝපා මත්ස්‍ය බදු සහනය මෙන්ම GSP+ සහනය නැවත මෙරටට හිමිකර ගැනීමට හැකි වු බව සදහන කර ඇත.

යහපාලන ආණ්ඩුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රජාතන්ත්‍රවාද ගමනක් දියත් කිරීමට කටයුතු කළ බවත් එම ව්‍යවස්ථාව තුලින් විධායක ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ලබාදෙමින් ආයතන තුන අතර සමබරතාවය ඇති වන ආකාරයට දියත් කළ බවත් ඒ තුලින් අධිකරණයට ස්වාධීන ලෙස කටයුතු කිරීමට හැකිවු බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව සම්මත කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත වරක් ඒකාධිපති බලයක් දියත් කරමින් සිටින අතර ඒ පිළිබඳවද මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් අදහස් දැක්වීමට පියවර ගෙන ඇති බව සදහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට