සත්‍යයේ පුවත් අඩහැරය….

නැගෙනහිර බැරිනම් බටහිර පර්යන්තය හෝ විකිණීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා – පාරලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගය විසින් අවධාරණය කළේය. ඊයේ (01) දින මාධ්‍ය හමුවක් පවත්වමින් එස්.එම්. මරික්කාර් මහතා මේ බව අවධාරණය කරන ලදි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට දේශීයත්වය සුරක්ෂිවත කරමින් දේශීය සම්පත් ආරක්ෂාන කරමින් දේශීය ආර්ථිකයක් ගොඩනගමින් දේශීය නිශ්පාදනය ඉහළ දැමීමට කටයුතු කර ආනයනය පදනම් කරගෙන දියත් කළ හැකි ආර්ථිකයක් ගොඩනංගා දේශීයත්වයට මුලික තැනක් ලබාදෙන බවට පවසා සිටියත් ආණ්ඩුව බලයට පත්ව ගතවී ඇති වසර එකහමාරක කාලය තුළ සිදුව ඇත්තේ කයිය සහ ගඳ පමණක් වන බවට රටේ ජනතාවද පවසා සිටින බවත් අද වන විට ගමේ කෝපි කඩේ මෙන් ආණ්ඩුවේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීමට කටයුතු කිරීම දේශීයත්වය සුරක්ෂිත කිරීමක්ද, දේශීයත්වය පෝෂණය කිරීමක්ද, දේශීය නිශ්පාදනයන් ඉහළ දැමීමක්ද යන්න විමසා සිටින බවත් ආණ්ඩුවට සහයෝගය දැක්වු වෘත්තීය සමිති පෙන්වාදෙන ආකාරයට ආණ්ඩුව දියත් කරමින් සිටින්නේ සම්පුර්ණයෙන්ම රට පාවාදෙන රටේ ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන රටට එරෙහි ද්‍රෝහිකමක් බව ඒ මහතා සදහන් කරන ලදි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට කටයුතු කරනු ලබන්නේ ඉන්දියානු රජය සහ ශ්‍රි ලංකා රජය අතර සිදුකරනු ලබන ගිවිසුමකට අනුව නම් අදානි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල මෙරට ජනතාවට ඉදිරිපත් කිරීමට වරාය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කටයුතු කළ යුතුව ඇති අතර එසේ නොමැතිව ටෙන්ඩර් පටිපාටියකින් තොරව අදානි සමාගම පමණක් නම් කර අදාළ ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙසේද යන්න පෙන්වාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් එවැනි දෙයක් සිදුනොකරන්නේ නම් මෙම කටයුත්ත හරහා යම් මුල්‍ය වංචාවක් සිදුවන බවට අවබෝධ කරගත හැකි බවත් මෙය මෙම ක්‍රියාදාමය තුළ පවතින පළමු අර්බුදකාරි අවස්ථාව ලෙස පෙන්වාදිය හැකි බවත් අවධාරණය කර ඇත.

දෙවන අර්බුදය ලෙස අදානි සමාගමත් සමග අත්සන් කරන ලද ගිවිසුමට අනුව ඉන්දියාවට 41% ක් පවතින්නේ නම් කළමණාකාරන කටයුතු එම සමාගමට ලබාදීමට කටයුතු කරන්නේ කෙසේද යන්න විමසා සිටින බවත් වරාය අධිකාරියට 59% ක බලය පවතින විට එයට කළමණාකාරිත්වය ලබානොදෙන්නේ ඇයිද යන්න විමසන අතර වරාය සම්බන්ධව තීන්දු ගැනීමේ බලය පවතින්නේ ඉන්දියානු සමාගමට බවත් මේ වන විට ඉන්දියානු අදානි සමාගම ඉන්දියාව තුලද විශාල වරායක් ඉදිරිකිරීමට කටයුතු කරමින් සිටින නිසා නැගෙනහිර පර්යන්තයේ කළමණාකාරිත්වය ඉන්දියානු සමාගමට ලබාදීම තුලින් මෙරට වරාය පද්ධතිය කඩාවැටිමකට ලක්වන බවට වැඩි දුරටත් සදහන් කර ඇත.

ගාලු මුවදොර පිටිය ඉදිරිපිට සියළුම ඉඩම් විකිණීමට කටයුතු කර ඇති අතර එම නිසා අද වන විට විකිණීමට පවතින්නේ කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත පමණක් වන අතර ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම තුලින් රටට හොද කලක් ගෙන ඒමට කටයුතු කරන බවට සඳහන් කිරීම තුලින්ම හොඳ කල විකිණීමට කටයුතු කරනු ඇතැයි සිතුනු බවත් එම නිසා රටේ ජනතාවට ද්‍රෝහී වන ක්‍රියාවන් සිදුනොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර වෘත්තීය සමිති දියත් කරන සටනට පුර්ණ සහයෝගය ලබාදෙන බවද සදහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට