සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු ධුරය අහිමිකිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්න, රන්ජන්ගෙන් රිට් පෙත්සමක්..

Podu තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා මේ වනවිට බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තර කරුවන් ලෙස න ම්කරමින් රන්ජන් රාමනායක මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රන්ජන් රාමනායක මහතා මේ වනවිට බන්ධනාගාරතව සිටින අතර එසේ සිර දඬුවම් නියම කිරීමෙන් පසු තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යැයි නීතිපතිවරයා මතයක් ඉදිරිපත් කර ඇති නමුත් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි තමන්ට දැනගැනීමට තිබෙන බවත් රන්ජන් රාමනායක මහතා සිය පෙත්සමෙහි සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට