කළුතරදී දුම්රියක් පීලි පැනලා, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම ආරංචි මාර්ග පවසා සිටින්නේ කළුතර සිට මීගමුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කළුතර දුම්රිය ස්ථානය අසළදී පීළි පැනීමකට ලක්වීම නිසා මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි. දුම්රිය පීළිපැනීම හේතුවෙන් කළුතර හරහා ධාවනය වන දුම්රියන් යම් ප්‍රමාදයකට ලක්විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.