සත්‍යයේ පුවත් අඩහැරය….

“ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක්” මැයෙන් 73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල ඇරඹේ..

Podu 73 වන ජාතික නිදහස් දිනය අද (04) යි. නිදහස් දින සැමරුම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය. “ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක්” යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල සැමරේ. කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව ඉතා චාම් ලෙස මෙවර ජාතික සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික සැමරුම් උත්සවයේ පෙළපාලිය සඳහා යුද හමුදා සාමාජිකයින් 4325 ක්, නාවික හමුදා සාමාජිකයින් 868 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 945 ක්, පොලිස් සාමාජිකයින් 1382 ක් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 515 ක් එක්වනු ඇත. සියළු ජාතීන් නියෝජනය වන ලෙස සාම්ප්‍රදායික සංස්කෘතික අංගයන් රැසක්ද ජාතික නිදහස් දින උළෙල වර්ණවත් කරනු ඇත. එමෙන්ම ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොළඹ නගරය තුළ අද පෙරවරු කාලයේදී විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක වන බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙවර නිදහස් දින සැමරුම නිමිති කරගනිමින් සිරකරුවන් 146 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදීමට ද නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට