සත්‍යයේ පුවත් අඩහැරය….

12 වෙනිදා තෙක් රන්ජන්ගේ මන්ත්‍රීධූරය පිළිබඳව කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝගයක්…

Podu අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙම මස 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය විසින් අද (05) දින පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කර ඇත.රන්ජන් රාමනායක මහතා විසින් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. අදාළ පෙත්සම මගින් කරුණු දක්වමින්, මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනුව පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අවසර ලබාදුන් බව, රන්ජන් රාමනායක මහතා විසින් සඳහන් කර ඇතැයි වාර්තා වේ. අදාළ පෙත්සම කැඳවීම අද (05) අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරුණු අතර එහි වැඩිදුර සලකා බැලීම, මෙම මස 11 වෙනිදා සිදුකිරීමට විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට