සත්‍යයේ පුවත් අඩහැරය….

රන්ජන් වෙනුවෙන් සෑම අවස්ථාකදීම පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශයක්…

Podu පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නම් වූ මානව හිතවාදියා වෙනුවෙන් ඊයේ මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් පෙනීසිටිමින් ඒ මහතාගේ අයිතීන් ආරක්‍ෂා කරදීමට ප්‍රජාතන්ත්‍රවාදී, ව්‍යවස්ථානුකූල සහ නීත්‍යානුකූල සටනක නියැළෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (05) දින මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ මෙරට ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් රැසකගෙන් සමන්විත ප්‍රශස්ථ නීති මණ්ඩලයක් තුළින් එම කටයුතු සිදුකරමින් සිටින බවයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු දෙකක් ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කීරීම වැළැක්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකරන ලද  පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 11 වනදා තෙක් කල් ලබාදී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදි වැඩිදුරටත් සදහන් කරන ලදී. එමෙන්ම අදාළ  නියෝගය ලබාදෙමින් පවතින තත්ත්වය යටතේ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අගතියක් නොවන ලෙස කටයුතු පවත්වාගෙන යන ලෙස  අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හරහා පාර්ලිමේන්තු  මහ ලේකම්වරයාට දැනුම්දී ඇති බව ද සඳහන් කළ විපක්ෂ නායකවරයා රන්ජන් රාමනායක මහතාගේ අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පවතින නීති රාමුව තුළ ව්‍යවස්ථානුකූලවත්, සාමකාමීවත් උපරිම සටනක් දියත් කිරීම සඳහා සමගි ජන බලවේගය,  සිවිල් බලවේග ඇතුළු රටේ සමස්ත ජනතාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන බව අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට