සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරි වලින් ඉවත්වෙයි..

Podu සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම හේතුවෙන් හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ඉල්ලා ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. මේ අනුව එම සංගමයේ සාමාජිකයින් අමතර රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇත. දෙපාර්තමේන්තුව තුල පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා උද්ගතව ඇති ගැටළු රැසක් සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට නිසි විසඳුමක් නොලැබීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා යොමුවූ බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට