සත්‍යයේ පුවත් අඩහැරය….

චීනය සහ චීනයට සමීප රටවල් ළංකර ගැනීම ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක් – සමගි ජන බලවේගය

Podu සියළු ක්‍ෂේත්‍ර කඩාවැටීම නිසා රට තුළ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බවත් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය අවුල් සහගත තත්ත්වකට පත්ව ඇති බවක් පෙනීයන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (13) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් මාධ්‍ය වෙත පළකර සිටියේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්ද ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවුනා. රාජ්‍ය සම්පත් විදෙස් රටවලට ලබාදීමට අප එකඟ නොවුනත් රටේ සංවර්ධනය උදෙසා එවැනි කටයුතු සිදුකරන්නේ නම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස ප්‍රතිපත්තියකට අනුව කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාව, චීනය සහ චීනයට සමීප රටවල් දෙසට ඇදීගෙන යන ආකාරයක් පෙනීයනවා. මේ වනවිට ඉන්දියාව සමඟ යම් අර්බුදයක් පැනනැඟී තිබෙනවා. චීනයට වාසි සහගත තත්ත්වයක් ඇතිකිරීම සඳහා මෙරට පාලකයින් කටයුතු කරමින් සිටින අතර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාව ලහිලහියේම රට තුළට සහ පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක් ලෙස සැලකිය හැකියි.

මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල ගැටළුවකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී රටේ ආර්ථිකයද ගැටළුකාරී තත්ත්වයකට පත්වේවී. අසල්වැසි ඉන්දියාව සමඟ ඉතා හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යා යුතුයි. චීනය සහ චීනයට හිතවත් පාකිස්ථානය වැනි රටවල් සමීප කරගැනීම නිසා ගැටළු ගණනාවක් උද්ගත වෙමින් පවතිනවා.

වත්මන් ආණ්ඩුවේ ඇත්ත නායකයා කවුරුන්දැයි මෙන්ම ආණ්ඩුව තුළ තීන්දු තීරණ ගන්නේ කවුරුන්දැයි විමසීමට සිදුව තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්නේ සිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසුවා. එවැනි අවසරයක් ලබාදී නොමැති අතර තාක්ෂණ කමිටුවේ නිර්දේශ හරහා එම කටයුතු සිදුකරන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුව පැවසුවා. අග්‍රාමාත්‍යවරයා පවසන පරිදි කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් පුද්ගලයින්නේ මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ කෙසේදැයි ආණ්ඩුවේම පසුපෙළ මන්ත්‍රීවරුන් පවා විමසනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට ඉහළින් මෙලෙස කටයුතු කරන්නේ කවුරුන්දැයි විමසීමට සිදුවනවා.

විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වය අනුව ආණ්ඩුව තුළ යම් දේශපාලන අස්ථාවරභාවයක් උද්ගතව ඇතැයි පැහැදිලි වනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්ය වරයා අතර යම් අර්බුදයක් මතුව ඇති ආකාරයක් පිළිබිඹූ වන බවත් ඒ අනුව නුදුරේදීම පොහොට්ටු පක්‍ෂය කැඩීයාමේ තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ අනුව සත්‍යය තත්ත්වය රටට හෙළිකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

භාණ්ඩ 27 ක මිල පහළ දැමීමට කටයුතු කළේ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවත් එම මිල ගණන් වලට අදාළ භාණ්ඩ මිලදී ගත හැක්කේ සතොස ආයතනය තුළින් පමණයි.

සිය නිජභූමි රැකගැනීම සඳහා මෙරට ආදීවාසී නායකයාට අධිකරණය හමුවට යාමට සිදුව තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන බවට පොරොන්දුවක් ලබාදුන්නත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නෑ. මෙය ආණ්ඩුවේ නාඩගමක්. බලාපොරොත්තු රැසක් ඇතිව හැටනව ලක්ෂයයක ජනතාවක් වත්මන් ආණ්ඩුව බලයට පත්කරගත්තා. නමුත් එම බලාපොරොත්තු සියල්ල සුන්ව ගොස් අවසන්.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ආණ්ඩුව නටවන පිරිසක් බවට පත්ව ඇතැයි පෙනීයනවා. නැටවීම විනා ආණ්ඩුවට වෙනත් කිසිදු විකල්පයක් නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට