පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ..
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා මෙම වාර්තාව විවාදයට ගැනෙන අතර එහිදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමටද නියමිතව ඇත.